ආපදා නිසා පොල් ආශ්‍රිත කර්මාන්ත වලටත් විශාල විනාශයක්
මෙරටට බලපෑ අයහපත් කාලගුණයෙන් සිදු වූ ආපදා හේතුවෙන් පොල් ආශ්‍රිත කර්මාන්තවලට රුපියල් මිලියන 1,576 ක පමණ හානියක් සිදුවී තිබෙන බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබේ .
ඒ අනුව සුළි කුණාටුව නිසා හානිවූ පොල් ආශ්‍රිත කර්මාන්ත 87 ක තොරතුරු මේ වනවිට ලැබී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය සදහන් කරයි.
එවගේම කර්මාන්තවලට සිදුවී තිබෙන හානිය රුපියල් මිලියන 1,576 ක් වන බව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කරයි.
තවද පොල් මදය ආශ්‍රිත කර්මාන්ත, පොල් ලෙල්ල, පොල් කට්ට, කොහු බත්, පොල් තෙල් ආදිය ආශ්‍රිත කර්මාන්තවලට මෙලෙස ආපදා තත්ත්වයෙන් හානිවී ඇති බව වාර්තා වේ .
ඒ වගේම පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පොල් ආශ්‍රිත කර්මාන්ත 600 ක් පමණ තිබෙන බව,පොල් තෙල් හැර අනෙකුත් සියලු නිෂ්පාදන අපනයන වෙළෙඳපොළට නිකුත් කෙරෙන බවත් පොල් සංවර්ධන අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරිවරයා සදහන් කර තිබේ.