ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්

Report

ආර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසී සිය ඉන්දියානු සංචාරය ආරම්භ කරමින් අද (13) අලුයම කොල්කටා වෙත පැමිණිය.

මෙසීගේ පැමිණීම දැකබලා ගැනීමට දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන් කොල්කටා ගුවන්තොටුපොළට පැමිණ සිටියේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, ඔහු නවාතැන්ගෙන සිටින කොල්කටා නුවර හෝටලය ඉදිරිපිටද ක්‍රීඩාලෝලීන් දහස් ගණනින් රැස්වූ බවයි.

ඒ හේතුවෙන් කොල්කටා නුවර ආරක්ෂාව දැඩි ලෙස තරග කර තිබේ. මෙසී ඉන්දියාවට පැමිණින්නේ වසර 14කට පසුව වන අතර, මෙම සංචාරය ‘GOAT India Tour 2025’ ලෙස නම් කර ඇත.

මේ ලග්න හිමියන්ට අද ව්‍යාපාරවලින් පාඩු ලබන අනවශ්‍ය ගමන් විමන් යෙදෙනා අධික වියදම් සහිත දවසක්

මේ ලග්න හිමියන්ට අද ව්‍යාපාරවලින් පාඩු ලබන අනවශ්‍ය ගමන් විමන් යෙදෙනා අධික වියදම් සහිත දවසක්

ඔහු පිළිගැනීමේ උත්සව කිහිපයක්ම සංවිධානය කර ඇති අතර, අඩි 70ක් උසැති ඔහුගේ අනුරුවක්ද නිරාවරණය කර තිබේ. මෙසීගේ ඉන්දීය සංචාරය සඳහා කොල්කටා, හයිද්‍රාබාද්, මුම්බායි සහ නවදිල්ලිහි විශේෂ උත්සව කිහිපයකට සහභාගි වීමට නියමිතය.

කොල්කටා නුවර අද පැවැත්වෙන ඔහු පිළිගැනීමේ උත්සවයට බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්, ඉන්දීය ක්‍රිකට් හිටපු නායක සව්රව් ගංගුලිද සහභාගි වීමට නියමිතය.

මෙසී සමග ඡායාරූපයක් ලබා ගැනීම සඳහා ක්‍රීඩාලෝලීන් 100කට අවස්ථාව සලසා ඇති අතර, එක් ක්‍රීඩාලෝලියෙකුගෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 10කට ආසන මුදලක් අයකෙරෙන අතර, එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ලක්ෂ 35කට ආසන්න වේ.

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා