තායිලන්ත - කාම්බෝජ යුද්ධය අද සිට අවසන් වෙයිද?
තායිලන්තය සහ කාම්බෝජය අතර ඇතිව තිබෙන යුද මය තත්ත්වය 'අද සවස සිට බලපැවැත්වෙන පරිදි' අවසන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබේ.
තවද සිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් ට්‍රම්ප් සදහන් කර ඇත්තේ මෙවන් අදහසක් "අද සවස සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වෙඩිතැබීම් නතර කර මා සමග ඇති කරගත් සාම ගිවිසුමට ආපසු යාමට එකඟ වුණා" යනුවෙනි.
තවද ට්‍රම්ප් මේ බව නිවේදනය කර තිබෙනුයේ තායිලන්ත අගමැති අනුටින් චාර්න්විරකුල් හා කාම්බෝජ අගමැති හුන් මැනට් යන දෙදෙනා සමග පැවති දුරකථන සංවාදවලින් අනතුරුවයි නමුත් මේ පිළිබද තායි අගමැතිවරයා හෝ කාම්බෝජ අගමැතිවරයා අදහස් දක්වා නොමැත.
කෙසේ නමුත් , සටන් විරාමයක් ඇති වන්නේ කාම්බෝජය වෙඩි තැබීම නවතා, හමුදා ඉවත් කර, ඔවුන් වළදැමූ සියලුම බිම් බෝම්බ ඉවත් කළහොත් පමණක් වන බව මීට පෙර ට්‍රම්ප් සමග පැවති දුරකථන සංවාදයෙන් අනතුරුව චාර්න්විරකුල් මාධ්‍ය හමුවකදී සදහන් කර තිබේ .
එහෙත් දෙරට අතර ඇතිව තිබෙන මෙම යුදමය තත්වය නුසා මේ වනවිටත් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් ලක්ෂ 5ක පමණ පිරිසක් අවතැන් වී සිටින බව වාර්තා වේ.