ආපදා හේතුවෙන් බිඳවැටුණු ජල සැපයුමේ මේ වනවිට තත්වය
By Kanchana
ශ්‍ර්‍ර්‍ර්‍රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ආපදා හේතුවෙන් දිවයින පුරා බිඳවැටුණු ජල සැපයුම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කර තිබේ.
හානියට පත් ජල මීටර වෙනුවට නව ජල මීටර මුදල් අයකිරීමකින් තොරව ලබාදීමට තීරණය කර ඇති බව එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සදහන් කරයි .
තවද හානියට ලක් වුණ වාරි පද්ධති නැවත යථා තත්වයට පත් කර ඉදිරි කන්නයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් අයුරින් ලබාදීම සදහා කටයුතු කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
ත්‍රිවිධ හමුදාවේ ද සහයෝගය ගෙන අදාළ ප්‍රතිස්ංස්කරණ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් තිබෙන බව එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්. එල්. සූරියබණ්ඩාර මහතා සදහන් කර තිබේ.