ආපදාවට ලක් වූ හලාවතට ජපානයෙන් ජංගම රෝහලක්
අයහපත් කාලගුණයෙන් හේතුවෙන් මතු වූ ගංවතුර හේතුවෙන් පීඩාවට පත් ජනතාවට හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා ජපානයේ ආපදා සහන කණ්ඩායම (JDR) පූර්ණ පහසුකම් සහිත ජංගම ක්ෂේත්‍ර රෝහලක් හලාවත පොලිස් ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (12) දිනයේ මෙම රෝහල නිරීක්ෂණය කර තිබේ.
ඒ වගේම මෙවැනි අවස්ථාවකදී ජපාන රජය සහ JDR කණ්ඩායම ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කර තිබේ.
තවද දෙසැම්බර් 4 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම රෝහල් පහසුකම දෙසැම්බර් 15 වැනිදා දක්වා සේවා සැපයීමට නියමිතව ඇත.
දිනකට රෝගීන් 100කට වැඩි පිරිසක් මේ හරහා ප්‍රතිකාර ලබා ගනී .
ඒ අනුව මෙම රෝහල දිනපතා පෙ.ව. 9:00 සිට ප.ව. 7:00 දක්වා විවෘතව පවතී.
හලාවත දිස්ත්‍රික් මහ රෝහල ගංවතුර හේතුවෙන් අර්ධ වශයෙන් අඩාල වී ඇති බැවින්, හලාවත සහ ඒ අවට ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පහසුකම අතිරේක සේවාවක් ලෙස ක්‍රියාත්මක වෙනවා.