ජෝන් සීනා' රෙස්ලිං වළල්ලට අද සමුදෙයි

Report

රෙස්ලිං වළල්ලේ පුරාවෘතයක් ලෙස අමෙරිකානු රෙස්ලිං ශූර ජෝන් සීනා සිය ක්‍රීඩා දිවියේ අවසන් තරගයට අද (13) ක්‍රීඩාකිරීමට නියමිතව ඇත.

රෙස්ලිං ශූර ජෝන් සීනා ශ්‍රී ලංකාවේ ඇතුළු ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ ගෞරවාදරයට ලක්වුණ ක්‍රීඩකයෙකි.

මෙම තරගය මෙරට වේලාවෙන් හෙට (14) අලුයම පැවැත්වේ.

ඒ අනුව අද තරගයෙන් පසු ජෝන් සීනාගේ වසර 20කට වැඩි වෘත්තීය ක්‍රීඩා දිවිය අවසන් වේ.

ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්

ඉන්දියාවට ආ මෙසීට උණුසුම් පිළිගැනීමක්

ඔහුගේ මෙම අවසන් තරගයේ ප්‍රතිවාදියා වන්නේ ඔස්ට්‍රියානු ජාතිකයෙකු වන 'GUNTHER'ය.

ජෝන් සීනා, 2001 වසරේ WWE රෙස්ලිං වළල්ලේ රැඳී සිටියි.

ඔහු 17 වතාවක් WWE ශූරතා හිමිකරගෙන ඇති අතර, එය ක්‍රීඩකයෙකු දිනාඇති වැඩිම ශූරතාව සංඛ්‍යාව ලෙසද වාර්තා වේ.

ඔහු අඩි 6යි අඟල් 1(185cm)ක් උස, කිලෝග්‍රෑම් 114ක් බර දැඩි දේහධාරී පෙනුමක් ඇති ක්‍ර්‍රීඩකයෙකි .

ජෝන් සීනා, මේ වනවිට 48 හැවිරිදි වියේ පසුවෙයි .

රෙස්ලිං ක්‍රීඩාවේ නොමැකෙන නාමයක් සනිටුහන්කර කරන්නට සමත් වූ ඔහු සිය ක්‍රීඩා දිවියේ අවසන් මෙලෙසින් නිමා කිරීමට සූදානම් වෙයි.

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා

15 හැවිරිදි පෙම්වතිය ආගමික ස්ථානයකදී පෙම්වතා විසින් දූෂණය කරලා