ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෙකුට දූෂණ සහ පැහැරගැනීම් චෝදනා
ලන්ඩනයේ ශ්‍රී ලාංකිකයෙකු, 15 හැවිරිදි පාසල් දැරියක් පැහැරගෙන ගොස් දූෂණය කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.
එ වගේම ඔහු බටහිර ප්‍රදේශයේ රජයේ අරමුදල් යටතේ සරණාගතයින් සඳහා වෙන් කළ හෝටලයක නවාතැන් ගෙන තිබේ.
ඒ අනුව 20 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික තරුණයාට එරෙහිව මෙම චෝදනා එල්ල වී ඇත.
සිංහල පරිවර්තකයෙකුගේ සහාය ඇතිව ඔහු සිය නම සහ උපන් දිනය තහවුරු කර ඇති බවයි මාධ්‍ය වාර්තා කරයි.
තවද පැහැරගැනීම, දූෂණය, ලිංගික අතවර කිරීම, පහරදීම, ළමයෙකු සමග ලිංගික ක්‍රියාවක නිරත වීමේ චෝදනාවක් සහ අවස්ථා දෙකකදී හිතාමතා ගෙල සිර කිරීම යන චෝදනා ඔහු විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඒ අනුව පසුගිය නොවැම්බර් 1 වැනිදා බටහිර ලන්ඩනයේ ෆෙල්තම් (Feltham) ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදු වූ බවට චෝදනා කර තිබේ.
ඔහු සිද්ධිය වන අවස්ථාවේදී සරණාගතයින් රඳවා තබා ගැනීමට රජය යොදාගන්නා ෆෙල්තම් හි පිහිටි තරු තුනේ "ශාන්ත ගයිල්ස් හෝටලයේ" (St Giles Hotel) නවාතැන් ගෙන සිට ඇති බව වාර්තා වේ.
තවද විත්තියේ නීතිඥ බොසී ෂෙෆි (Bozzie Sheffi) අධිකරණයට දැනුම් දී ඇත්තේ ඔහුට ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ අපහසු නිසා නඩු විභාගයේදී ද පරිවර්තකයෙකුගේ සහාය අවශ්‍ය වනු ඇති බවයි.
ඒ වගේම විනිසුරු ක්වාම් ඉනුන්ඩෝ (Kwame Inyundo) සැකකරු නැවත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තවද නඩුවට අදාළ විභාගය 2026 අප්‍රේල් 27 වැනි දිනට නියම කර ඇත.