මෝරුන්ගේ ශරීරයේ තිබී හමු වූ භයානක දේ..

Brazil World Drugs Latest Headlines
By Piyumika Jul 24, 2024 05:54 AM GMT
Piyumika

Piyumika

Report

බ්‍රසීල මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හමුවූ මෝරුන් තුළ කොකේන් මත්ද්‍රව්‍ය පවතින බවට පර්යේෂකයින් පිරිසක් විසින් සොයාගෙන තිබේ .

සමුද්‍ර ජීව විද්‍යාඥයින් විසින් රියෝ ද ජැනයිරෝ අසල වෙරළෙන් ලබාගත් බ්‍රසීලියානු ෂාර්ක් මෝරුන් 13 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඔවුන්ගේ මාංශ පේශිවල සහ අක්මාවේ කොකේන් ඉහළ මට්ටමක පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

පොලිසියට පිහියක් පෙන්වා සහෝදරයාව ගෙනියන්න හැදූ සැකකරු අත්අඩංගුවට ..

පොලිසියට පිහියක් පෙන්වා සහෝදරයාව ගෙනියන්න හැදූ සැකකරු අත්අඩංගුවට ..

එම ප්‍රමාණය අනෙකුත් ජලජ ජීවීන් සඳහා කලින් වාර්තා වූවාට වඩා 100 ගුණයක ඉහළ අගයක් ගන්නා බවයි සඳහන් වනුයේ .

කොකේන් මත්ද්‍රව්‍ය නිපදවන නීතිවිරෝධී රසායනාගාර හරහා හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්ගේ අසූචි හරහා ජලයට එම මත්ද්‍රව්‍යය මිශ්‍ර වී ඇති බවට සැක පළ කරන බවයි අදාළ සමුද්‍ර ජීව විද්‍යාඥයින් විසින් පෙන්වාදී ඇත්තේ .

දූෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම් දුන්නේ තොරතුරු සඟවන්න..

දූෂණ විමර්ශන නිලධාරීන් 27කට ස්ථාන මාරුවීම් දුන්නේ තොරතුරු සඟවන්න..

කොකේන් මෝරුන්ගේ හැසිරීම වෙනස් කරන්නේද යන්න තහවුරු කර ගැනීමට වැඩිදුර පර්යේෂණ ක්‍රියාත්මක වන අතර මීට පෙර සිදු කරන ලද පර්යේෂණයන් මගින් පෙන්වාදී ඇත්තේ මත්ද්‍රව්‍ය මිනිසුන්ට කරන ආකාරයටම සතුන්ටද බලපෑම් ඇති කළ හැකි බවයි.

විදේශ රැකියා බලාපොරොත්තුවෙන් මෙවැනි දෙයක් කිරීමට පෙර තව වරක් සිතන්න..

විදේශ රැකියා බලාපොරොත්තුවෙන් මෙවැනි දෙයක් කිරීමට පෙර තව වරක් සිතන්න..

කොකේන් භාවිතයෙන් පසු අක්මාව මගින් නිපදවන බෙන්සොයිලෙක්ගොනින් ඇතුළු රසායනික සංයෝග පසුගිය වසරේ එංගලන්තයේ දකුණු වෙරළ තීරයෙන් රැස් කරන ලද මුහුදු ජල සාම්පලවලද තිබී සොයාගත් බව වාර්තාවේ .

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%