ට්‍රම්ප්ගේ ‘සීනි මතයට’ Coke එකෙන් මිතුරැ පිළිතුරක්
Coca-Cola සමාගම උක් සීනිවලින් සාදන ලද නව කෝක් පානයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව තහවුරු කර තිබේ.
පසුගිය සතියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් මඟින් ප්‍රකාශ කළේ Coca-Cola හි අඩංගු ද්‍රව්‍ය වෙනස් කිරීමට පියවර ගන්නා ලෙසයි.
එම ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, Coca-Cola සමාගම ඉදිරියේදී උක් සීනිවලින් සාදන ලද පානයක් හඳුන්වා දීමට සූදානම් වන බව නිවේදනය කළේය.
කෙසේ වුවත්, Coca-Cola හි ඇතැම් පාන වර්ග සඳහා දැනටමත් උක් සීනි භාවිතා කරන අතර, මෙක්සිකෝවේ අලෙවි වන Coca-Cola පානය ද ඒ අතරට ඇතුළත්ය.
එහෙත්, අද (23) නිකුත් කළ නිවේදනයෙන් හෙළි වන්නේ Coca-Cola හි ප්‍රධාන වට්ටෝරුව වෙනස් නොවන බවත්, ඉහළ ෆෲක්ටෝස් කෝන් සිරප් (high fructose corn syrup) භාවිතය දිගටම පවත්වාගෙන යන බවත්ය.
නමුත්, ඇමරිකානු වෛද්‍යවරයෙකු පවසා ඇත්තේ ඉහළ ෆෲක්ටෝස් කෝන් සිරප් භාවිතය තරබාරුව සහ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ට හේතු විය හැකි බවයි.
