මහ ඇමති තලපති විජේ ප්‍රසිද්ධියේ සමාව ගනී - පාර්ලිමේන්තුව තුලදීම සමාව අයැදීමට හේතුව මෙන්න
තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ සඳුදා (17) දින තමිල්නාඩු පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ සමාව අයැදීමක් සිදු කර ඇත. මීට හේතුව වී ඇත්තේ ඊයේ දින තමිල්නාඩු පාර්ලිමේන්තුවේදී, ජීවිතක්ෂයට පත් හිටපු මහ ඇමති එම් කරුණානිධිගේ නම කෙලින්ම එනම් ඔහුගේ සම්ප්‍රදායික ගෞරව නාමය භාවිතා නොකර සඳහන් කිරීමයි.
තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ නායකත්වයෙන් යුත් ටීවීකේ රජයේ වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස සේවය කරන ආර් වී රංජිත් කුමාර් අමාත්‍යවරයා සභා සැසියේදී "කලයිග්නර්" හෝ "හිටපු මහ ඇමති" යන වචන භාවිතා නොකර අභාවප්‍රාප්ත මහ ඇමතිවරයා කරුණානිධි ලෙස කෙලින්ම ප්‍රකාශ කර ඇත.
ත්‍රිෂාට මුල් අසුන දුන් විජේ - විජේ ත්‍රිෂා නිසා තමිල්නාඩුවම කැළඹෙයි - දික්කසාද නඩුව අයින් කරගත්තට වැඩක් නෑ වගේ
එය ගෞරවය උල්ලංඝනයක් ලෙස විස්තර කළ විපක්ෂ ඩීඑම්කේ වෙතින් ක්ෂණික විරෝධයක් සහ පාර්ලිමේන්තුව තුළ විරෝධතාවක් ඇති කළේය. තත්ත්වය උණුසුම් වීමත් සමඟ සභාව තුළ සිටි තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ, සභාව තුළ මතභේදය ඇතිවීමට පෙර මැදිහත් වූ අතර අභාවප්‍රාප්ත නායකයා වැරදි ලෙස ආමන්ත්‍රණය කර ඇති බව පැවසීය.
ඒ වෙනුවෙන් ඔහු මෙම සමාව අයැදීම සිදු කර ඇත. "ඔහු වෙනුවෙන් මම සමාව අයදිමි" ලෙස තමිල්නාඩු මහ ඇමති සී ජෝසප් විජේ සභාවේදී පැවසීම මේ වනවිට ඉන්දීය මාධ්‍ය තුළ විශේෂ පුවතක් වී ඇත.