තවත් කර්මාන්ත ශාලාවකින් කොරෝනා පොකුරක් මතුවෙයි.

Covid-19
By Thaya Mar 08, 2021 05:41 PM GMT
Thaya

Thaya

Report

ආණමඩුව - ආඩිගම ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය අංශ සඳහන් කළේ හඳුනාගත් ආසාදිතයින් ආණමඩුව, ආඩිගම සහ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් බවය.

පසුගිය 05 වැනිදා සිදු කරඇති PCR පරීක්ෂණවලින් අනතුරුව නව ආසාදිතයින් හදුනාගෙන ඇත.

ඒ අනුව මේ වනවිට අවස්ථා 4කදී එම කර්මාන්ත ශාලාවේ සේවය කරන පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර ඇති අතර සෙසු සේවක සේවිකාවන්ගේද ජෛව සාම්පල ලබා ගැනීම දිගටම සිදුකරන බව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ කර්මාන්ත ශාලාව වසා දැමීමට හැකියාවක් නොමැති අතර එය පවත්වාගෙන යෑමට අවස්ථාව දී රෝගය පාලනය කිරීමට පියවර ගනිමින් ඇති බවය.

කෙසේවෙතත් කර්මාන්ත ශාලාව තුළින් හඳුනාගත් රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන ඇත.