මාර්ගයක් අද වැසෙයි - රියදුරන්ට දැනුම්දීමක්.
Sri Lanka
By krishani
අද (08) දිනයේ, අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා අලුත්ගම දුම්රිය ස්ථාන අතර 35 සැතපුම් කණුව අසල මස්සල පාර, දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඒ අද පෙ.ව. 7.00 සිට ප.ව. 5.00 දක්වා කාලය අතරතුර දී ය.
කෙසේවෙතත්, ඒ හේතුවෙන් එම මාර්ගය හරහා ගමන් කරන රථවාහන රියැදුරන්ට වෙනත් මාර්ග භාවිත කිරීමට සිදු වේ.