පැය කිහිපයක් හදිසියේම ප්‍රධාන මාර්ගයක් වසා දමයි..හේතුව මෙන්න.
ගිරිඋල්ල , කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඊයේ (05) රාත්‍රී 09.00 සිට අද (06) අලුයම 02.00 දක්වා රථ වාහන ධාවනය සීමා කරන බව පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැර විදි සංචාරය කිරීම හේතුවෙන් බවයි පැවසෙන්නේ.
ගිරිඋල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මාපා ගෙදර හංදියේ සිට දඹදෙණිය සමූපාකාර ඉන්ධන පිරවුම්හල දක්වා පෙරහැර නැරඹිමට පැමිණෙන ජනතාව හා මාර්ගයේ ගමන් ගන්නා වාහන හේතුවෙන් යම් මාර්ග අවහිරතාවක් ඇති විමට හැකි බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
ඒ අනුව, ගිරිඋල්ල - නාරම්මල ප්‍රධාන මාර්ගයේ නාරම්මල දෙසට පැමිණෙන සියලුම බර වාහන දම්පැලැස්ස හංදියෙන් ධාවනය කර අලව්ව මාර්ගයට පිවිසිය හැකි අතර, නාරම්මල දෙසට පැමිණෙන සියලුම සැහැල්ලු වාහන මුතුගල හංදියෙන් පොතුපිටිය කුඩගම්මන මාර්ගය ඔස්සේ අලව්ව ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මීගමුව - නාරම්මල මාර්ගයේ කුරුණෑගල දෙසට ධාවනය කරන සියලුම වාහන මාහරගම හංදිය හරහා අලව්ව ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකියි.
