ඊයේ රෑ ඉන්ධන පිරවුම්හලක බිහිසුණු සිදුවීමක්..කනගාටුදායක ආරංචියක්..!!

Sri Lanka Accident
By Aruna Jul 08, 2022 01:20 AM GMT
Aruna

Aruna

Report

ඉන්ධන පිරවුම්හලක සිදු වූ ගැටුමකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම ගැටුම ඇති වී තිබෙන්නේ, ගාල්ල - මාගල්ල ඉන්ධන පිරවුම්හලේ ඊයේ (07) රාත්‍රියේදියි.

දෙපිරිසක් ඇති වූ මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හබරාදුව - වංචාවල - යටගල පදිංචිව සිටි 25 හැවිරිදි තරුණයෙක්.

තුවාල ලැබූ සෙසු පිරිස මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තාවන්නේ.

ඊයේ රාත්‍රියේ ඉන්ධන පෝලිමට පැමිණි බටදුව ප්‍රදේශයේ පුද්ගලයෙකු තම මෝටර් රථය මිතුරෙකුගේ වෙළෙඳසලක් ඉදිරිපිට ඉඩ තිබු ස්ථානයකින් පෝලිමට ඇතුලු කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පෝලිමේ පිටුපස සිටි පිරිසක් එයට විරෝධය පළකර තිබෙනවා.

එහිදී ඔහු සමග ගැටුමක් ඇති වී තිබෙන අතර, පසුව ඔහු ඒ බව තම හිතවතුන් කිහිපදෙනෙකුට පවසා ඇති බවයි වාර්තාවන්නේ.

ඒ සමග පැමිණි පිරිසක් මෝටර් රථයේ රියැදුරුට හිරිහැර කළ පුද්ගලයින්ට පහරදීමට පටන්ගෙන ඇති අතර එහිදී පෝලිමේ සිටි තිදෙනෙකු ද පහරදීමට පැමිණි කණ්ඩායමේ එක් අයෙකු ද බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now