Canada සිහින පෙන්වා අහිංසක මිනිසුන්ගේ කෝටි ගණන් වංචා කල Citylink Global කෙරුවාව.(VIDEO)

Sri Lanka Police Sri Lanka Canada Money
By Wayomi May 15, 2023 01:13 PM GMT
Wayomi

Wayomi

Report

කැනඩාවේ වීසා ලබාදෙන බව පවසමින් ජනතාවගෙන් ලක්ෂ ගණන් මුදල් ගැරූ තවත් සමාගමක් ගැන ගගන අප අද අනාවරණය කළා.

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 6 වෙනි ,මහලේ පිහිටා ඇති Citylink global Private Limited නමැති මෙම ආයතනය පාඨමාලාවන් සඳහා කැනඩාවේ යවන බව පවසමින් ජනතාවගෙන් මෙලෙස මුදල් වංචා කර තිබෙනවා.

කැනඩාවේ cimp කොලේජ් එකට යොමුකරන කරන බවත්, පාඨමාලා සඳහා මාස 15ක කාලයක් ගත වන බවත් පවසා ඔවුන් ලක්ෂ ගණන් වංචා සිදු කර ඇත්තේ ව්‍යාජ නම් වලින් පෙනී සිටිමින්.

ජනප්‍රිය මාධ්‍ය, සමාජ මාධ්‍ය හරහා මොවුන්ගේ දැන්වීම් පල වී ඇති අතර එය විශ්වාස කරමින් මෙහි පාඨමාලාවන් සඳහා ලක්ෂ 15කට වැඩි මුදලක් විටින් විටින් ගසා කා තිබෙනවා.

මෙම ජාවාරමට හසු වූ ජනතාව මීට පෙර මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර එමඟින් කිසිවෙකුටත් තවමත් සාධාරණයක් සිදු වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW