නගර සභාවක සභාපති අත්අඩංගුවට

Ajith rohana wawnia chaiman city council Rasalingam Gawtham
By Sewvandhi Jun 15, 2021 11:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වව්නියාව නගර සභාවේ සභාපති රාසලිංගම් ගෞතම් මහතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

වව්නියාව තානායමේ කළමනාකරුට පහරදීමේ සහ එහි සේවකයින් දෙදෙනෙකුට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව වව්නියාව පොලීසියට අද (15) පෙරවරුවේ පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව වව්නියාව නගර සභාවේ සභාපතිවරයාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now