අද සිට සියලු සංචරණ සීමා වෙනස් වෙයි..

Covid Police Sri Lanka Lock down Isolating
By Aruna Oct 31, 2021 01:22 AM GMT
Aruna

Aruna

Report

අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ ඒ සිකුරාදා (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීයි.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළා.

පවතින තත්ත්වය පාලනය කරමින් රට සාමාන්‍යකරණයට ගෙන ඒමේ ක්‍රියාවලියේ දී පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන් වැඩි වගකීමක් ගත යුතු බව පෙන්වා දෙමින් ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ සියලු අංශ සම්බන්ධීකරණය කරමින් කොවිඩ් මර්දන වැඩපිළිවෙළ තවදුරටත් සාර්ථක කර ගැනීමට කැපවන ලෙසටයි.

කෙසේවෙතත් පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගීන් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජන ඒකරාශීවීම් තවදුරටත් තහනම් කර තිබෙනවා.

ඒ අනුව හෙට සිට පළාත් අතර බස් රථ මෙන්ම දුම්රියද ධාවනය ද ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර දිවයිනේ සියලුම පාසල් වල 10,11,12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන මස 8 වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව දිවයිනේ සියළුම කතෝලික පාසල් සහ ඇංග්ලිකානු පාසල්වල ද 10,11,12, සහ 13 වැනි ශ්‍රේණී එදිනම විවෘත කිරීමට නියමිතයි.

මේ අතර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්තිද 50%ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වැනිදා සිට ආරම්භ කිරීමටද අවසර හිමිවී තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ වසර දෙකක පමණ කාලයක් දිවයිනේ පාසල් වසා දමා තිබූ අතර වසංගත තත්ත්වය පාලනය කිරීමත් සමග සියලු පාසල්වල ප්‍රාථමික අංශ පසුගිය 25 වැනිදා ආරම්භ කෙරුණා.

මීට අමතරව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ උපකාරක පන්ති සියයට 50 ක උපරිම ධාරිතාවකින් යුතුව ලබන මස 16 වනදා සිට ආරම්භ කිරීමට අවසර ලබාදී තිබෙනවා.

ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now