බස් රථ අලංකරණයට අවසර දුන් චක්රලේඛය අවලංගු කෙරේ
බස් රථ අලංකරණයට අවසර ලබා දෙමින් නිකුත් කළ චක්රලේඛය අවලංගු කළ බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තම්න්තුව පවසයි.
ඊට අදාළ චක්රලේඛය ද මේ වනවිට මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතර ඒ අනුව, 2023 ජුනි දෙවනදා නිකුත් කර තිබූ චක්ර ලේඛය පසුගිය 9 වනදා සිට අවලංගු වනු ඇති.
මීට පෙර බස් රථ සැරසිලි, උපාංග, සවිකිරීම සම්බන්ධයෙන් නීතිමය ප්රතිපාදන සඳහා අවසර ලබා දෙමින් අදාළ චක්ර ලේඛනය නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් මෙම නව චක්රලේඛය මගින් මෙම සියලු උපාංග සවි කිරීමේ කටයුතු තහනම් වේ.


