"මහේලගේ අලුත්ම ආදරය ගොල්ෆ්" - Cinnamon Golf Classic වෙනුවෙන් මහේලගෙන් විශේෂ හෙළිදරව්වක්

Report

අපිට වැඩිය හොඳ කට්ටිය ගොල්ෆ් ගහනවා යන අදහසද සමඟින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ගොල්ෆ් ක්‍රීඩාව පිළිබඳව තම ආකර්ෂණය පළ කර තිබේ.

ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් Cinnamon Golf Classic ගොල්ෆ් තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් අද (18) කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණි.

මෙම තරගාවලිය මෙම මස 26 සහ 27 යන දින දෙක තුළ කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවැත්වීමට නියමිත අතර, ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

සංවිධායකයන් පවසන පරිදි මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.

මෙම අවස්ථාවට Cinnamon Grand Colombo හි සාමාන්‍යාධිකාරී නසුමි අසාර් මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද සහභාගී වී සිටියහ.

මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මහේල ජයවර්ධන මහතා සඳහන් කළේ, මෙම තරගාවලිය ක්‍රීඩා උත්සවයක් පමණක් නොව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමටද උපකාරී වන වැඩසටහනක් ලෙස යොදා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

ගොල්ෆ් ක්‍රීඩාව වර්ධනය කිරීම සහ නව පරපුරට එය හඳුන්වාදීමද මෙම තරගාවලියේ එක් අරමුණක් බව සංවිධායකයෝ වැඩිදුරටත් පෙන්වා දෙති.