අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5ක ජනතාවට බලපෑම්
sri lanka
Critical whether
natural disarters
By Sithumi
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 130,000 කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35 කට අයත් පවුල් 31,303 ක පුද්ගලයින් 130,672 ක් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. අ
යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 2ක් ද වාර්තා වන අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත.
මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 27ක පවුල් 1,119 කට අයත් පුද්ගලයින් 5,067 දෙනෙකු රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.