පිලිපීනෙට චීනෙට කොකා පෙන්නුව හොරා ලංකාවේ මාට්ටු - ලංකාවත් එක්ක ලේසි නෑ ඔන්න

Report

අද (8) දින කටුනායක ගුවන්තොටුපළ හරහා මෙරටට ඇතුල් වීමට උත්සහ කළ පිලිපීනයේ සයිබර් වංචා සමාගමක සේවය කළ චීන ජාතිකයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර ඇත.

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

තව ටික දවසකින් ජපානයම නැති වෙයිද? වදවෙලා යන ජපන් ජාතිකයන්

මෙම චීන ජාතිකයා උදෑසන 9.45ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ.

මෙම චීන ජාතිකයා සංචාරක වීසා අනුකාණ්ඩයක් වන ව්‍යාපාරික කාණ්ඩය යටතේ වීසා ලබාගෙන මෙරට ක්‍රියාත්මක සමාගමක සේවය සඳහා පැමිණෙන බව කටුනායක ආගමන විගමන කවුළුව වෙත ප්‍රකාශ කර තිබුණද එහිදී තමන් දරන තනතුර පිළිබඳව පැහැදිලි සහා නිශ්චිත තොරතුරු ලබා දීමට නොහැකි වීම යන කරුණ මත මෙලෙස පිටුවහල් කර ඇත.

සජබ ලොක්කෙක් අත්අඩංගුවට - කෝටි 50ක මැණික් ගලකට වග කියලා

සජබ ලොක්කෙක් අත්අඩංගුවට - කෝටි 50ක මැණික් ගලකට වග කියලා

මෙම චීන ජතිකයාව ගුවන් තොටුපොළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා මගින් එම දෙපාර්තමේන්තුවේ දේශසීමා අවේක්ෂණ ඒකකය වෙත යොමු කර ඇති අතර පසුව ඔහු සන්තකයේ තිබී පිලිපීන රජය විසින් නිකුත් කළ හැඳුනුම්පතක් සොයා ගැනීමට හැකිව තිබූ අතර එහි පිලිපීනයේ පැරනාකිව් ප්‍රදේශයේ පිහිටි නම් දැරූ පරිගණක වංචා මෙහෙයවන මධ්‍යස්ථානය  සේවය කර ඇති බවත් තහවුරු වී තිබේ.

පසුව එම මධ්‍යස්ථානය එරට ආරක්ෂක අංශය විසින් වටලා ඇති අතර ඒ පිළිබඳව දර්ශන යූටියුම් සමාජ මාධ්‍ය ඔස්සේ ලොව පුරා විකාශනය කළ එම නිලධාරීන් විසින් අනාවරණය කර ගැනීමට හැකිව තිවේ.