පොඩි ලැසී නැවතත් රිමාන්ඩ්
police
colombo court
Podi lasi
janith Madushanka
By Sewvandhi
ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී ට එරෙහි නඩුවක් අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීය.
එහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වුණේ යැයි සැකපිට අත්අඩංගුට ගත් පාතාල කල්ලි නායකයෙකු බව කියන පොඩි ලැසී ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා නියෝග කළේය.
එහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවය.
ඒ අනුව සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |