ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් ලංකාවට ගෙන්වයි.
නොරොච්චෝලේ පුරප්පාඩු පිරවීම සඳහා ඉහළ වැටුප්වලට චීන ඉංජිනේරුවන් මෙරටට ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.
ඒ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සේවය කළ විදුලි ඉංජිනේරුවන් රට හැර යාම හේතුවෙන්.
අමාත්‍යාංශය ආරංචි මාර්ග පවසන්නේ, අදාල පුරප්පාඩු පිරවීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය දක්වන උදාසීන ප්‍රතිපත්තිය හමුවේ මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවයි.
චීන නියෝජිතයන් ඉදිරිපත් කළ එම යෝජනාව ලක්විජය විදුලි බලාගාරයේ කළමනාකරු විසින් එහි ඉහළ කළමනාකාරිත්වයට යොමු කර ඇත.
මෙම යෝජනාවේ සංඛ්‍යා දත්ත අනුව චීන ඉංජිනේරුවන්ගේ වැටුප් සඳහා මාස හයට රුපියල් මිලියන 665.9ක් දැරීමට රජයට සිදු වනවා.
ඒ, අනුව එක් ඉංජිනේරුවකු සඳහා දිනකට ඇමරිකානු ඩොලර් පන්සියයකට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදුවනු ඇති. .....................................................................................................................................................................................................................................................................
මේ වන විට නොරොච්චෝලේ බලාගාරයේ සේවය කළ පළපුරුදු ඉංජිනේරුවන් 20ක් පමණ රට හැර ගොස් ඇති අතර තවත් එවැනිම පිරිසක් විදෙස් ගත වීම සඳහා වීසා අයැදුම් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙවැනි වාතාවරණයක් යටතේ,බලාගාරයේ කටයුතු පවත්වාගෙන යාම අසීරු වී ඇති අතර ඉදිරියේදී මෙම ගැටලුවට කැලණිතිස්ස බලාගාරයටත් මුහුණ දෙන්නට සිදු විය හැකි බවයි ඉහල පෙලේ නිලධාරියෙක් කියා සිටියේ.
කෙසේ වෙතත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේ, මෙම පුරප්පාඩු සඳහා දේශීය ඉංජිනේරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගෙන ඇතත් අලුතින් බඳවා ගැනීම් සඳහා අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යාංශ නිලධාරීන් කඹ ඇදිල්ලක සිටින බවයි.
එමෙන්ම මෙරට ඉංජිනේරුවන් මසකට රුපියල් එක්ලක්ෂ පනස්දහසක පමණ වැටුපකට සේවය කළද චීනයේ ඉංජිනේරුවන්ට රුපියල් හතළිස් නවලක්ෂ පනස්දහසක පමණ වැටුපක් ගෙවන්නට සිදු වන බවයි ඔහු තව දුරටත් පෙන්වා දෙන්නේ.