ලංකාවේදී තරුණයෙක් මාස 6ක් තුළ රුපියල් මිලියන 365කට අධික මුදලක් උපයයි..ඔහු කරපු වැඩේ මෙන්න..

Report

චීන භාෂා පරිවර්ථකයෙකු වශයෙන් රැකියාක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී උපයාගත් රුපියල් මිලියන 365කට අධික මුදල රාජසන්තක කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් අද (16) නියෝග කර තිබෙනවා.

රුපියල් කෝටි තුනහමාරක දඩයක්ද අදාල චීන ජාතිකයා වෙත ගෙවීමට නියම කර ඇති විනිසුරුවරයා විත්තිකරුවට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවම්ද නියම කර එය වසර 15ක කාලයකට අත්හිටුවීමටද නියම කර තිබෙනවා.

රට පුරා සියලුම තැබෑරුම් සහ සුරාසැල් දීර්ඝකාලීනව වසා දමයි!! මේ කතාවේ ඇත්ත නැත්ත මෙන්න..

රට පුරා සියලුම තැබෑරුම් සහ සුරාසැල් දීර්ඝකාලීනව වසා දමයි!! මේ කතාවේ ඇත්ත නැත්ත මෙන්න..


නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව පෙන්වාදෙමින් මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ චීන භාෂා පරීක්ෂකයෙකු වන වූ ෂෙන් නැමැති චීන ජාතිකයෙකුටයි.

2017 සැප්තැම්බර් 1 වැනිදා සිට 2018 පෙබරවාරි 28 වැනි දින දක්වා අතර කාලය තුල කොළඹදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 365ක මුදලක් උපයා ගත් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබුණා.

දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් රටටම දැනෙන බලපෑමක් කරන්න යයි..

දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් රටටම දැනෙන බලපෑමක් කරන්න යයි..


මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහිව චෝදනාවන්ට ඔහු වැරදිකරු බවට නියම කරමින් විනිසුරුවරයා මෙලෙස දඬුවම් නියම කර තිබෙනවා.