දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් රටටම දැනෙන බලපෑමක් කරන්න යයි..

Sri Lanka Politician Government Employee Ministry of Health Sri Lanka Government Of Sri Lanka Southern Province
By Aruna May 16, 2024 03:09 PM GMT
Aruna

Aruna

Report

සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය වෙසක් සතියෙන් අනතුරුව තවදුරටත් දැඩි කිරීමට ග්‍රාම නිලධාරී සංගම් තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

ඔවුන් පෙරේදා සිට සේවා කටයුතුවලින් ඉවත් වූ අතර අදින් එම වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කරනු ලැබුවා.

ජනතාවගේ ආදරය දිනාගත් පවිත්‍රා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.(PHOTOS)

ජනතාවගේ ආදරය දිනාගත් පවිත්‍රා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වෙයි.(PHOTOS)


කෙසේ වෙතත් සිය ගැටලු සදහා ආණ්ඩුව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි, ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති නන්දන රණසිංහ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සදහන් කළේ.

මේ අතර, අද (16) දිනයේ දකුණු පළාතේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

තෙල් මිල එකවරම ඉහළ යයි..වෙළඳ පොළේ සිදු වූ වෙනස මෙන්න..

තෙල් මිල එකවරම ඉහළ යයි..වෙළඳ පොළේ සිදු වූ වෙනස මෙන්න..


ඒ උදෑසන 8.00 සිට 12.00 දක්වා පැය 4ක කාලයක්. ඒ අනුව, එම කාලය තුළ ඔවුන් සේවාවෙන් ඉවත් වී වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි පැවසෙන්නේ.

වෘත්තීය ක්‍රියාමර්ගයට පෙර නිවේදනයක් නිකුත් කරමින් එම වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ, ඒ සඳහා සෞඛ්‍ය වෘත්තීය සමිතිය 72කට අයත් සාමාජිකයන් සම්බන්ධ වන බවයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%