රට පුරා සියලුම තැබෑරුම් සහ සුරාසැල් දීර්ඝකාලීනව වසා දමයි!! මේ කතාවේ ඇත්ත නැත්ත මෙන්න..

Election Commission of Sri Lanka Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Bar Association of Sri Lanka
By Aruna May 16, 2024 03:57 PM GMT
Aruna

Aruna

Report

සමගි ජන බලවේගය විසින් ඉදිරියේදී පිහිටුවන ආණ්ඩුවක් යටතේ සියලුම තැබෑරුම්, සුරාසැල් වසා දමන බව එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව ඩේලි මිරර් පුවත් පත වාර්තා කර සිටිනවා.

හෙතෙම සඳහන් කර ඇත්තේ, සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් පමණක් ඊට සහන ලබා දෙන බවයි.

විපක්ෂනායකවරයා ජන හමුවක් අමතමින් පවසා ඇත්තේ, රටේ දරුවන් බේරා ගැනීම සඳහා එය සිදු කරන බවත්, මෙම ප්‍රකාශයෙන් තමන්ට ඡන්ද නැති වන නමුත් දරුවන් වෙනුවෙන් සිදුකරන බවයි.

දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් රටටම දැනෙන බලපෑමක් කරන්න යයි..

දිවයින පුරා රාජ්‍ය සේවකයින් පිරිසක් රටටම දැනෙන බලපෑමක් කරන්න යයි..


දැනට ලබාදී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල තම පක්‍ෂය බලයට ආපසු අවලංගු කරන බවද ඔහු තවදුරටත් පැවසූ බව එම පුවත්පත් වාර්තාව තව දුරටත් කියා සිටියි.

කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත්පතේ එම වාර්තාව ප්‍රතික්ෂේප කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත්තේ, තමන්ගේ කිසිදු මාධ්‍ය හමුවක් ආවරණය කිරීමට එම පුවත්පතට මින් ඉදිරියට අවස්ථාව ලබා නොදෙන බවටයි.

සජිත් ප්‍රේමදාස මහතා චෝදනා එල්ල කරන්නේ, තමන් විසින් මත්පැන් බලපත්‍ර තහනම් කිරීම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හිතාමතාම එම පුවත්පත සාවද්‍ය ලෙස පල කර ඇති බවටයි.

මේ අතර, වාහන හෝ සුරාසැල් බලපත්‍රවලට තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු පාවා නොදෙන බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පදවියේ පැවති වැඩසටහනක් අමතමින් පවසා තිබෙනවා.

අනුරාධපුර - පදවිය පරාක්‍රම මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් වටිනා සුහුරු පංති කාමරයක් ලබාදීම වෙනුවෙන් මේ උත්සවය පැවැත්විය.

රට පුරා පාසල් සිසුන් ලක්ෂ ගාණක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක්..

රට පුරා පාසල් සිසුන් ලක්ෂ ගාණක් සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක්..


ඒ, විපක්ෂ නායකවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වළ වැඩසටහනේ 189 වැනි අදියර ලෙසින් මෙය ක්‍රියාත්මක විය.

නව නිපැයුමක් කළ සිසුවියකට මෙහිදී මුදල් පරිත්‍යාගයක් කළ විපක්ෂ නායකවරයා, විද්‍යාලයීය නර්තන කණ්ඩායමට රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කළේ ය.

මේ අතර, සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක , එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ නුවරඑළිය ආසන සංවිධායකවරයා වශයෙන් පත්කර තිබේ.

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීමක් අනුව, මයන්ත දිසානායක මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලනයෙන් ඉවත් විය.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%