ප්‍රබල රාජ්‍ය රාජ්‍යක ලේකම්වරයෙකුගේ චීන සංචාරය කල් ගිය සුවිශේෂී වූ හේතුව

By Sithumi Feb 04, 2023 06:09 PM GMT
Report

චීන ඔත්තු බැලූනයක් මීට දින කිහිපයකට පෙර එක්සත් ජනපදය හරහා පියාසර කිරීමේ සිද්ධියක් නිරීක්ෂණය කිරීමෙන් පසු, අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සිය චීන සංචාරය කල් දැමීමත් සමග දෙරට අතර යළිත් මතභේදාත්මක තත්වයක් උද්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

 කෙසේ වෙතත් චීන ඔත්තු බැලුනය මෙලෙස එක්සත් ජනපදය හරහා නිරීක්ෂණයට ලක් කර ඇත්තේ කුමක්දැයි තවමත් නිශ්චිතව අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

ලතින් ඇමරිකානු කලාපයට ඉහළින් තවත් චීන ඔත්තු බැලූනයක් දක්නට ලැබුණු බවයි පෙන්ටගනය ඊයේ (03) පස්වරුවේ යළි දැනුම් දී ඇත්තේ.