චීනෙට සුබ ආරංචියක්
By Kaushi
චීනය ලොව වැඩිම ගුවන් සේවාලාභීන් සංඛ්‍යාව හිමි රට බවට පත්ව ඇති බව චීන ජාතික සිවිල් ගුවන් සේවා මහා පරිපාලනය අද (06) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව අඳාළ ප්‍රකාශයෙන්, 2025 වසර තුළ චීනයේ ගුවන් සේවා භාවිතා කළ මගීන්ගේ සංඛ්‍යාව කෝටි 50 ඉක්මවා ගොස් ඇති බවත්, එය ලෝකයේ ඉහළම ගුවන් මගී සංඛ්‍යාව ලෙසත් දැක්වේ.
ඉකුත් 2025 වසරේදී චීන සිවිල් ගුවන් සේවා අංශය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කර තිබූ අතර, එම අරමුණ වෙනුවෙන් චීන යුවාන් බිලියන 120ක වටිනාකමින් යුත් ස්ථාවර වත්කම් ආයෝජන ද සිදු කර ඇත.
එමෙන්ම වසර තුළ දේශීය ආර්ථිකයේ පැවති වර්ධනයත් සමඟ, චීන සිවිල් ගුවන් සේවා අංශය චීන යුවාන් බිලියන 6.5ක ලාභයක් අත්කර ගැනීමටත් සමත්ව ඇති බව සඳහන්.