චීනයේ දුරකථන සම්බන්ධයෙන් හදිසියේ ගත් තීරණය මෙන්න..Huawei Phone විශේෂයි..
United States of America
Smart Phones
China
By Aruna
හුවාවි සහ ZTE දුරකථන උපාංග ජාතික ආරක්ෂක භූමිය සදහා භාවිතා කිරීමට අලුතින් මිලදී ගැනීම අත්හිටුවීමට අදාලව ඡන්දය ප්‍රකාශ කිරීමට ඇමෙරිකානු ෆෙඩරල් සංනිවේදන කොමිසම තීරණය කර ඇතයි වාර්තා වනවා.
ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව සහ එක්කිරීමේ තාක්ෂණය මධ්‍යස්ථානය විසින් සිදුකරන ලද අධ්‍යයනයකට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවයි පැවසෙන්නේ.
එම මධ්‍යස්ථානය විසින් හුවාවි,හික්විෂන්,දහුවා,හයිතෙරා සහ ZTE දුරකථන උපාංග ගැන සමීක්ෂණයක් කර ඇත.
එම සමීක්ෂණයට අනුව 2015 සිට 2021දක්වා ප්‍රාදේශීය සහ ප්‍රාන්ත රාජ්‍යයන් මිලදී ගත් අදාල දූරකථන උපාංග 1,681ක් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කර තිබේ.
මෙම කාලය තුළ ස්මාර්ට් ෆෝන්, ආරක්ෂක කැමරා, උෂ්ණත්ව සංනිවේදන යන්ත්‍ර,අතේ ගෙන යා හැකි රේඩියෝ සහ ජාල උපකරණ ඇමෙරිකානු ඩොලර් මිලියන 45.2ක මිලදී ගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |