චීනයේ තායිවාන ආක්‍රමණය ගැන CIA බුද්ධි අංශයෙන් අනතුරු ඇඟවීමක්.
තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස චීන ජනාධිපති ෂී ජින්පින් සිය හමුදාවට නියෝග කර ඇති බව අමෙරිකාවේ CIA බුද්ධි ඒජන්සිය අනතුරු අඟවනවා.
ඒ අනුව 2027 වර්ෂය වන විට තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස චීන ජනාධිපතිවරයා සිය හමුදාවට නියෝග කර ඇති බවට අමෙරිකාවට බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවයි CIA අධ්‍යක්ෂකවරයා වොෂින්ටනයේ ජෝර්ජ්ටවුන් විශ්ව විද්‍යාලයේ උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ.
ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, මෙම බුද්ධි තොරතුරු වලින් ගම්‍ය වන්නේ 2027 වර්ෂය වන විට චීනය විසින් අනිවාර්යෙන් තායිවානය ආක්‍රමණය කිරීමක් සඳහන් නොවුනද, එය ඔවුන්ගේ අභිලාෂය බවයි.
එමෙන්ම CIA අධ්‍යක්ෂක විලියම් බර්න්ස් ප්‍රකාශ කළේ යුක්‍රේනයේ පැවැත්වෙන සටන් වලින් රුසියානු හමුදාවේ දුර්වල ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් බටහිර රටවල් සන්සුන්ව සිටියද, තායිවානය කෙරෙහි චීන ජනාධිපතිවරයාගේ අභිලාෂයන් කිසිසේත් අවතක්සේරු නොකළ යුතු බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |