කොළඹ වරායට චීනයෙන් තවත් දැවැන්ත ආයෝජනයක්
දකුණු ආසියාවේ විශාලතම වාණිජ සහ සැපයුම් මධ්‍යස්ථානය කොළඹ වරාය තුළ ස්ථාපනය කිරීම සඳහා අදාළ ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
එහි සම්පූර්ණ ආයෝජනය ඩොලර් මිලියන 392ක් වන අතර එම ව්‍යාපෘතිය සඳහා චයිනා මර්චන්ස් පෝර්ට් හෝල්ඩිංස් සමාගම, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම ඊට අදාළ ගිවිසුමට එළඹ තිබෙනවා.
එහි කොටස්වලින් 70%ක් චීන සමාගමට හිමිවන අතර ඉතිරි 30% ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඇක්සෙස් ඉංජිනියරින් පී.එල්.සී. සමාගම් අතර සමසේ බෙදී යනවා.
කොළඹ වරාය නගරයට ආසන්නයේ යි එය ගොඩනැගීමට නියමිතව ඇත්තේ.