ඔන්න වාහන තියෙන අයට චීනෙන් සුබ ආරංචියක්
විදුලි රථ වාහන ආරෝපණ මධ්‍යස්ථාන (charging points) රට පුරා ස්ථාපිත කිරීමට චීන රජයේ අවධානය යොමු කරන්නැයි අමාත්‍ය විජිත හේරත් ඉල්ලා ඇත.
ඒ අනුව අමාත්‍යවරයා මේ යෝජනාව සිදු කළේ අද (29) දින පෙරවරුවේ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) සමඟ විදේශ කටයුතු අමාත්‍යංශයේ දී පැවති හමුවකදී බව වාර්තා වේ.
මෙහිදී අවධානය යොමු කර ඇත්තේ චීනය ඇතුළු ලෝක රථවාහන වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාව විශාල ලෙස විදුලි රථ වාහන ආනයනය කිරීමට නැඹුරු වී ඇති බැවින් රට පුරා ආරෝපණ මධ්‍යස්ථාන චීන පරිත්‍යාගයක් වශයෙන් සවි කිරීම පිළිබඳවයි.
එමෙන්ම අමාත්‍යවරයා සඳහන් කළේ ඉදිරියේදී විදුලි බලයෙන් ක්‍රියා කරන බස් රථ වැඩි වශයෙන් ගෙන්වීමටත් රජය සැලසුම් කර ඇති බවයි.
මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් විනාශ වූ දුම්රිය මාර්ග සහ පාලම් නැවත ප්‍රතිසංස්කරණය කිරීමටද චීන රජයෙන් කඩිනම් සහාය බලාපොරොත්තු වන බවත් අමාත්‍ය විජිත හේරත් කියා සිටියා.
ඒ අනුව මෙම යෝජනාව ධනාත්මකව පිළිගත් චීන තානාපතිවරයා ඒ සම්බන්ධයෙන් චීන රජය දැනුවත් කිරීමට එකඟතාව පළ කර ඇත.
ඊට අමතරව දිට්වා කුණාටුවෙන් අනතුරුව ලංකාවට වූ ආපදා හානිය පිළිබඳව තක්සේරු කර, සෑම අංශයකින්ම චීන රජයට දිය හැකි ආධාර පිළිබඳව සාකච්ඡා කර දැනුම් දෙන බවද තානාපති සෙන්හොංග් ප්‍රකාශ කර ඇත.