'11-11' මිල දී ගැනීම් අනුව චීනයේ භාණ්ඩ බෙදාහැරීම වාර්තාගත ලෙස ඉහළට
චීන රාජ්‍ය තැපැල් කාර්යාංශයේ දත්තවලට අනුව, ඔක්තෝබර් 21 සිට නොවැම්බර් 11 දක්වා පැවැත්වුණු “11.11” මාර්ගගත සාප්පු සවාරි සැණකෙළියේදී භාණ්ඩ ඇණවුම් පාර්සල් බිලියන 13.94ක් බෙදාහැර ඇති බව වාර්තා වේ.
මෙය වාර්තාගත ඉහළම පරිමාණයක් ලෙස සනිටුහන් වී ඇත.
එම කාලය තුළ බෙදා හැරිම් සිදු කළ දෛනික සාමාන්‍ය පාර්සල් ප්‍රමාණය මිලියන 634ක් වූ අතර එය සාමාන්‍ය කාලවල දෛනික ව්‍යාපාර පරිමාවෙන් 1.18 ගුණයක් වීම විශේෂත්වයකි.
දෛනික පාර්සල් බෙදා හැරීමේ ඉහළම අගය මිලියන 777ක් වූ අතර එය නව වාර්තාවක් සනිටුහන් කිරීමක් බව වාර්තා වේ.
මෙම වසරේදී ද “11-11” සාප්පු සැණකෙළියේ දී තැපැල් සේවා බාධාවකින් තොරව සුමටව ක්‍රියාත්මක වීම සඳහා විශේෂ පියවර ගෙන තිබුණි.
2009 වසරේදී ආරම්භ වූ මෙම සවාරිය, ලොව විශාලතම පාරිභෝගික වෙළඳපොළක් වන චීනයේ ශක්තිමත් පාරිභෝගික වියදම් උත්තේජනය පෙන්වන විශේෂ අවස්ථාවකි. Alibaba, JD.com වැනි වෙළඳසැල්වලින් ඩොලර් බිලියන 150කට වැඩි විකුණුම් ලබාගෙන ඇති බව වාර්තා වේ.
“මෙම සැණකෙළියෙන් චීනයේ තැපැල් කර්මාන්තයේ ශක්තිය සහකම්පනය පෙන්නුම් කෙරිණි.” – රාජ්‍ය තැපැල් කාර්යාංශය