අපේ ආදරේට අවුරුදු14 ක්.ලංකාවේ ශාරුක් ඛාන්. චිලී තිවංක තරුණියෝ හඬවමින් සුරූපී රිනී සමඟින් යුගදිවියට. (PHOTOS)
ලංකාවේ සිටින කඩවසම්ම ගායකයා චිලි තිලංක කියල ඔබ දන්නවනේ විවිද ගීත හරහා ලංකාවේ ප්‍රසිද්දියක් ලබන්න ඔහුට හැකියාව ලැබී තිබෙනවා.ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ කඩවසම් ගායකයා ගැන විස්තර ටිකක්.චිලී කියන නම ක්ෂේත්රයේ භාවිතා කලත් චිලීගේ සැබෑ නම තිලංක විදූෂ.
පසුගිය කාලේ විවිද ක්රිකාවන් නිසාත් චිලී ලංකාවේ හැමෝගෙම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුනා ඔබට මතක ඇතිනේ.පසුගිය මැතිවරණ සමයේ එක පක්ෂෙකට චිලි බැහැලාම වැඩ කරන්නත් අමතක කලේ නැහැ.නමුත් එම පක්ෂයට ජයග්‍රහණය කරන්න නම් හැකියාව ලැබුනේ නැහැ. ලංකාවේ තරුණියන්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගන්නත් චිලිට හැකියාව ලැබෙනවා
.ගායකයෙක් ලෙස චිලී හැමෝගෙම ආදරේ දිනාගත්තේ ජනප්‍රිය ගී පද රචකයෙක් වන වසන්ත දුග්ගන්නාරාල මහතා රචනාකළ ‘ටියුලිප් මල් කැකුලි’ ගීතයෙන් පසුවයි.කොහොම වුනත් චිලීගේ කඩවසම්බව නිසාම ඔහුට තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙන වැඩියි.ඉතින් තරුණියෝ පිස්සු වාට්ටු ඔහු අදරවත්යෙක් වී අවසන් ඉතින් ඔහු කියන්නේ මේ ආදරයට දැන් අවුරුදු 14 පමණ වෙනවා කියලා.ඉතින් කොපමණ ආකර්ෂණය ලැබුනත් තරුණියන්ගේ සිහින බොඳ කරමින් පසු ගිය දිනක ඔහුගේ අතිනත ගැනීමට ඒ සොඳුරු රුවත්තියට හැකි වුනා.
ඉතින් ඒ ගැන ඔහු අපිට කිවුවේ මේ විදිහටයි. එයාගේ නම් රිනී මට ලොකු සහයෝගයක් දෙනවා මගේ වැඩකටයුතු වලට සමහර වෙලාවට පොඩ්ඩක් තරහ යනවා. මන් වෙන ගර්ල් කෙනෙක් එක්ක මියුසික් වීඩියෝවක එහෙම පෙනී හිටියොත්. ඒක සමහර වෙලාවට පොඩි ඉරිසියාවක් එන්න ඇති.එයා එපා කිව්වා කියලා මම එච්චර ඒවා ලොකුවට අරගන්නේ නැහැ.එයාගේ කැමැත්ත අකැමැත්ත අනුව වැඩ කරන්න බැහැ.මොකද මගේ ගීත වලට එයාව ගන්නත් බෑ මොකද මම ආසා නැහැ එයා ක්ෂේත්රයට සම්බන්ධ වෙනවට.මොකද මම ක්ෂේත්රයේ ඉන්නවා
.එක්කෙනෙක් ක්ෂේත්රයේ ඉන්නවා නම් ඒ ඇති. දෙන්නෙක් අවශ්‍ය නෑ.පෞද්ගලික ජීවිතය මම ක්ෂේත්රයට කොහොමත් ගාව ගන්නේ නැහැ.සැප්තැම්බර් මාසයේ විවාහ වෙන්න අපි සැලසුම් කරන හිටියේ නමුත් අපිට අවම මට්ටමෙන් උත්සවයක් ගන්න ඕන නිසා 250කට වේඩින් එකට ආරාධනා කරලා හෝටලය පවා වෙන් කරගෙනයි හිටියේ ඒත් රටේ තත්වේ නිසා හැමදේම වෙනස් වුනා, එනිසා අපේ වෙඩින් මේ අවුරුද්දේ මාර්තු මාසේ ගමු කියල හිතාන හිටියේ.
ඉතින් ඒ හිතපු විදිහට හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වුනා. කියලයි ඔහු අවසානයේ කියා සිටියේ. ඉතින් අපි මේ ආදරණිය යුවලගේ යුග දිවියට හදවතින්ම සුභ පතනවා