අවුරුදු 15 ට අඩු දරුවන් යුද්ධයට ගන්න යයි... බලෙන් පැහැර ගන්නා සංවිධාන 58ක්..
Terrorist
Attack
Isis
Word war
By Aruna
වයස අවුරුදු 15 ට අඩු දරුවන් සන්නද්ධ ක්‍රියාකාරකම් සදහා යොදවාගන්නා අන්තවාදී සංවිධාන 58ක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ත්‍රස්ත මර්දන ක්‍රියාකාරකම් පිළිබද වාර්තාවක් මගින් අනාවරණය කර ඇත්තේ රටවල් 15 ක් ආශ්‍රිතව මෙම සංවිධාන 58 ක්‍රියාත්මකව පවතින බවයි.
මෙම රටවල් 15 ම ආසියාවේ සහ අප්‍රිකාවේ පිහිටා ඇති අතර අදාළ සංවිධාන බොහොමයක් ඉස්ලාමීය අන්තවාදී සංවිධාන බව ද හෙළිවී තිබෙනවා.
ළමුන් බදවා ගැනීමේදී අයිඑස්අයිඑස් සංවිධානය ඉතා ප්‍රබලව ක්‍රියාකාරීව සිටින බවත් රටවල් 34 කින් පමණ ඔවුන් ළමුන් බදවා ගැනීම් සිදුකර ඇති බවත් අදාළ වාර්තාවේ සදහන්.
ඉරාකය,සිරියාව, නයිජීරියාව,වැනි රටවල්වල ළමුන් බදවා ගැනීම,බහුලව සිදුවන බවද එම වාර්තා අනාවරණය කරනවා.
එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ මෙහිදී වැඩිවශයෙන්ම සිදුවන්නේ ළමුන් බලහත්කාරයෙන් පැහැරගෙනයාම බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |