රෝගයක් ගැන දැනුවත් කිරීමට ළමා පොතක්.
ශ්‍රී ලංකාව තුල – ඩිමෙන්ෂියාවෙන් පෙළෙන පුද්ගලයන් සඳහා දැනුවත්භාවය, සංවේදනය සහ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගත් ළමා පොතක් එළිදැක්වීමට කටයුතු කළ බව ලංකා ඇල්සයිමර්ස් පදනම පසුගියදා නිවේදනය කළේය. වයස අවුරුදු අට හෝ ඉහළ දරුවන්ට පරිශීලනය කළ හැකි අලංකාර රූපද සහිතව සැකසුණු මෙම කෘතිය හරහා ඩිමෙන්ෂියා රෝගයේ පළමු අවස්ථාවන් තම පවුලේ ආදරණීයයන්ගෙන්, ඔවුන් සමග එදිනෙදා කටයුතු කිරීමේදී එම ලක්ෂණ නිරීක්ෂණය කළහොත් ඒ බව හදුනාගැනීමට පහසුව සලසා දී ඇත.
තම පාසල් දිනපොතක ව්‍යාපෘතියේ නිරත වන දරුවෙකුගේ දෑසින් විද්‍යමාන වන මෙම කතාන්දරය, අමතක වීම සහ ඩිමෙන්ෂියාවේ අනෙකුත් මූලික ලක්ෂණ පෙන්නුම් කරන තම ආදරණීය ආච්චිගේ කතාව වටා ගෙතී ඇත. තම ආච්චිගේ හැසිරීමේ වෙනස්කම් නිරීක්ෂණය කරන මෙම දරුවා ඇයගේ දෙමව්පියන්ගේද සහාය ඇතිව මේ සම්බන්ධයෙන් වැඩිදුර අවධානය යොමු කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය ක්රමක්ක්රමයෙන් මේ පිළිබදව තේරුම් ගැනීමට පටන් ගනී.
අමතක වීම, ව්‍යාකූලත්වය සහ පෞරුෂත්වයේ සිදුවන වෙනස්කම් වැනි ඩිමෙන්ෂියාවේ රෝග ලක්ෂණ පිළිබදව සරල නමුත් කදිම පැහැදිලි කිරීම් මෙම කෘතියේ අඩංගු වේ. කරුණාව හා දයාව ලබාදීම හා ඇයගේ අභිමානය ගරුත්වය ආරක්ෂා වන පරිදි ඇය සමග ජීවත්වීමේ වැදගත්කම මෙහි සදහන් වන අතරම අතීත මතකයන් මෙන්ම ආච්චි හෝ සීයා කුඩා දරුවෙකුගේ ජීවිතයේ සිදු කරනු ලබන වැදගත් භූමිකාව සම්බන්ධයෙන්ද අවධානය යොමු කර ඇත.
සිත්ඇදගන්නා සුළු කතන්දර පැවසීම හරහා අදාළ වයසට ගැළපෙන අයුරින් ඩිමෙන්ෂියාව පිළිබදව පවුලේ සාකච්ඡාව ගොඩනැංගවීමට මෙන්ම ඩිමෙන්ෂියාව වෙනුවෙන් ක්‍රියාත්මක වීමට ප්‍රජාවගේ මැදිහත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවට මෙම කෘතිය හරහා තව දුරටත් අවධානය යොමු කර ඇත .සියලු දෙනාටම මෙම කෘතිය පරිශීලනය කිරීමේ අවස්ථාව උදාකර දෙමින් සිංහල, දමිළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්ත්වයෙන්ම මෙම කෘතිය ලබා ගත හැකිය.
