දරුවන්ට එන්නත දෙන විදිය ගැන ජනපති කියයි..සියලු පාසල් වලට දැනුම් දේ.

School children Gotabaya Rajapakshe Covid vaccines Dinesh guawardhena
By Aruna Oct 08, 2021 08:15 AM GMT
Aruna

Aruna

Report

අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇත.

අද (08) පෙරවරුවේ කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සෑම පාසලකදීම සිදුකෙරෙන එන්නත්කරණය වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇත.

එම වයස් කාණ්ඩයේ පාසල් හැරගිය දරුවන් එන්නත්කරණය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය මඟින් සිදුකෙරේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහණයෙන් 100%ක්, 30 ට වැඩි ජනගහණයෙන් 98% ක් එන්නත ලබාගෙන ඇති බව අනාවරණය වී ඇති බවය.

වයස් කාණ්ඩය 20 -30 අතර එන්නත ලබානොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී තිබේ.

වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් 10,000කට අධික පිරිසකට මේ වන විට එන්නත ලබාදී ඇති බවත් දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව සිදුකෙරෙන බවත් පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු එහිදී සඳහන් කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now