යාච්ඤා කරාට පස්සේ පුතාට හොඳ වුනා" මිත්‍යාව නිසා මිය ගිය මව දුන් පිළිතුර.. සියලු විස්තර.. (VIDEO)

By Sithumi Feb 10, 2022 04:52 PM GMT
Sithumi

Sithumi

Report

මිත්‍යා විශ්වාසය ගොදුරු කරගත් දරුවා ගැන මව දුන් පිළිතුර වෛද්‍ය ප්‍රතිකාර වෙනුවට ආගමික මතවාදයන් ඔස්සේ යමින් රෝගයකට ප්‍රතිකාර සිදුකිරීමට දැරූ උත්සායක් නිසා 10 හැවිරිදි දරුවෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමිවූ පුවතක් අද (10) වාර්තා වුණි.

කටාන, හල්පේ, ආඬිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකු මෙලෙස මියගොස් තිබුණු අතර සිද්ධියට අදාළව දරුවාගේ මව, පියා සහ මිත්තණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ මලීෂ දුලක්ෂණ නමැති දරුවෙකි. මෙම දරුවා කුඩා කළ සිටම ශරීරයේ සීනි මට්ටම අඩුවීමේ රෝගී තත්ත්වයකින් පීඩාවිඳි බව පවුලේ ඥාතීන් පැවසීය.

අසනීපයට කලක පටන් බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් මව්පියන් අවසානයේ තීරණය කර තිබුණේ සිය ආගමික විශ්වාසයට අනුව රෝගය සුවකර ගැනීම සඳහා කැපවීමටය. ඒ අනුව එතෙක් යොමු කළ සායනවලින් ඉවත් කළ දරුවාට ආගමානුකූලව වත් පිළිවෙත් කරමින් රෝගය සුවකර ගැනීමට උත්සාහ දරා තිබුණි.

යාච්ඤාවලට මුල්තැන දෙමින් කටයුතු කරමින් සිටින අතරතුර පසුගිය 07 වනදා උදෑසන දරුවා අවාසනාවන්ත ලෙස මියගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවාගේ මව මෙසේ පවසා සිටියාය. "හෙම්බිරිස්සාව පොඩ්ඩක් තිබුණා. යාච්ඤා කෙරුවාම ඒක අඩු වුණා. දෙවියන් වහන්සේ මට විශ්වාසයි" සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දරුවාගේ පාසලේ විදුහල්පතිනිය සඳහන් කළේ,

"මේ අය කතෝලික. නමුත් දරුවාගේ අසනීපය නිසා වෙන පැත්තකට ගිහින්." මියගිය දරුවාගේ බාප්පා, "වෙනත් ආගමකින් කියලා තියෙනවා සුව කරලා දෙනවා කියලා

. මනස විකෘති කරලා." දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට වෙනුවට දෙමාපියන් සිදුකර තිබුණේ දරුවාගේ ප්‍රාණය නැවත ලබාගැනීම වෙනුවෙන් තවදුරටත් යාච්ඤා කිරීමය. මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා අද දහවල් සිද්ධිය වූ නිවසට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා තිබුණි. අත්අඩංගුවේ පසුවන මියගිය දරුවාගේ මව, පියා සහ මිත්තණිය ද පොලීසිය විසින් එම ස්ථානයට රැගෙනවිත් තිබුණි.

මියගිය දරුවාගේ සීයා, "මම කිව්වා පුතේ ඔයාලා යන තැනක් කියන්න. මම කැඳ ටිකක් හදන් එන්නම් කියලා. පස්සේ මටත් බොරුවක් කරලා අරන් ගිහින් තිබුණේ. නිසි දඬුවම් දෙන්න." කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමා,

"මූලධර්මවාදී බයිබල් කණ්ඩායම් තමයි මේ වගේ දේවල් ඉස්මතු කරලා ගන්නේ. මේක ජනප්‍රියතාවය නිසා කරන්නක් මිස වෙනත් දෙයක් නෑ."

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා, "මෙතරම් වෛද්‍ය විද්‍යාව දියුණු යුගයක තමන්ගේ අසනීප වූ දරුවට බෙහෙත් අරන් දෙන්නේ නැතුව සුව වෙයි කියලා දෙවියෙක් දිහා බලාගෙන ඉන්නවා නම් ඒක මොන යුගයක් ද?. තර්කානුකූලව හිතන්න ඕනේ. මේ අය තමන්ගෙ ජීවිතත් විනාශ කරගෙන සමාජයත් අනතුරේ දානවා."

අසල්වැසියෙක් සහ පොලීසිය මේ ගැන සිදු කල ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now