රටම කැළඹූ අනුරාධපුර ළමා අපයෝජන නඩුවේ සැකකාර හිමිනමට නීතිඥයෝ 30ක් එද්දී, අහිංසක දරුවාට කවුරුවත් නෑ.. - නීතිපතිට හදිසි ලිපියක්

Report

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන අනු/MCI/PC/22424/26-B නඩුවේ වින්දිත දරුවා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පත් කරන ලෙස ඉල්ලමින්, ළමා හිංසනය නැවැත්වීමේ භාරයේ සභාපති වෛද්‍ය තුෂ් වික්‍රමනායක මහත්මිය නීතිපති පාරින්ද රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

2026 මැයි 22 වනදාට නියමිත මීළඟ නඩු දිනයට පෙර මෙම පත් කිරීම සිදුකරන ලෙස එම ලිපිය මගින් ඉල්ලා ඇත.

එහි සඳහන් කර ඇත්තේ, මෙම නඩුව සම්බන්ධයෙන් වින්දිත දරුවාට යුක්තිය ඉටු කිරීමේදී පවතින උදාසීනත්වය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රධාන සැකකරුට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට පෙනී යාම හේතුවෙන් මහජන විරෝධයක් මතුව ඇති බවයි.

ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්

ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්

එමෙන්ම, මැයි 12 සහ 15 යන දිනවල අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍රධාන සැකකරු වන පල්ලේගම හේමරතන හිමියන් වෙනුවෙන් නීතිඥයින් 30කට ආසන්න පිරිසක් පෙනී සිටි බවද ලිපියේ සඳහන් වේ.

එය ළමා අපයෝජන නඩුවක වින්දිතයෙකු සහ සාක්ෂිකරුවන් වෙත බලපෑම්, බිය ගැන්වීම් සහ මානසික පීඩනයක් එල්ල කරන ආකාරයේ අසාමාන්‍ය තත්ත්වයක් බවද එහි සඳහන් කර ඇත.

මේ අතර, වින්දිත දරුවා වෙනුවෙන් කිසිදු නීති උපදේශකයෙකු අධිකරණයේ නොසිටි බවද ලිපිය මගින් අවධාරණය කරයි.

සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥ‍යෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්

සැකකාර හිමිට රට වටින්ම නීතීඥයෝ එද්දි වින්දිත දැරියට නීතීඥ‍යෙක් නැති හේතුව මේකයි - සරෝජා සාවිත්‍රිගෙන් විශේෂ ප්‍රකාශයක්

“රාජ්‍යයේ ඉහළ භාරකරුගේ නියෝජිතයා ලෙස නීතිපතිවරයාට ළමා වින්දිතයා ආරක්ෂා කිරීමේ සහ දරුවාගේ යහපත වෙනුවෙන් කඩිනමින් ක්‍රියා කිරීමේ වගකීමක් තිබේ” යනුවෙන්ද එම ලිපියේ සඳහන් කර ඇත.

වින්දිත දරුවා වෙනුවෙන් වහාම දක්ෂ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු පත් කර නීතිමය සහාය ලබාදෙන ලෙස ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියන් වෙනුවෙන් දැඩි ඉල්ලීමක් කරන බවද ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

කපිල චන්ද්‍රසේනගේ අබිරහස් මරණයේ දැවැන්ත පෙරළියක් - නිවෙස් දෙකේම CCTV දර්ශන එළියට

යල කන්නයේ වගා හානිවලට රජයෙන් රුපියල් ලක්ෂයේ වන්දිය ගන්න මෙන්න මේ දේ කරන්න

යල කන්නයේ වගා හානිවලට රජයෙන් රුපියල් ලක්ෂයේ වන්දිය ගන්න මෙන්න මේ දේ කරන්න