නික්ම ගිය චතූ මුණසිංහ ගැන නෑසූ කතාව

Covid 19 Cironavirus
By Sithumi Oct 16, 2021 04:30 PM GMT
Sithumi

Sithumi

Report

පසුගිය සතියේ අහන්නට දකින්නට ලැබුණු පුවත් අතරේ හදකම්පාවට පත් කරන පුවතක් බවට පත් වුණේ උදාරි චතුරිකා මුණසිංහ එහෙමත් නැත්නම් හැමෝගෙම කතා බහට ලක් වුණ චතු මුණසිංහගේ හදිසි වෙන්ව යාම.

තිස් හතරවන වියේ පසු වූ ඇය තරුණ ව්‍යවසායිකාවක්. 2004 මාර්තු 11 දා අර්ජුන් මුණසිංහ සමඟ විවාහ දිවියට ඇතුළත් වෙන ඇය දියණියන් දෙදෙනකුගේ මවක්. ඇගේ වැඩිමල් දියණියට ටෙනාරාට මේ වන විට වසර 15ක් වන අතර බාල දියණිය ආර්යාට අවුරුදු 5කි. මෙරට කේෂ්ත්‍ර රැසක රැකියාවේ නිරතව සිටි කාන්තාවක් මෙන්ම නිරූපිකාවක් ලෙසද ඇය කේෂත්‍රයේ නමක් දිනා සිටියා.

චතු මුණසිංහ ගැන වැඩියෙන් සමාජ මාධ්‍යයේ කතාබහ වෙන්න පටන් ගත්තේ ඇය සාකච්ඡාවකට එක්වෙමින් තමා පිළිකා රෝගයෙන් පෙළෙන බවට පැවසීමත් සමඟ. ඇය සිය ජිවිතයේ අත්දැකීම් බොහොම ශක්තිමත් ව අන් අය හා බෙදා ගත්තා. "මම පිළිකා රෝගයෙන් පෙළෙන බවට පළමුව දැන ගත්තේ 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේදී.

පළමුවෙන් ම මට ඇතිවුණේ ආහාර අරුචියක්. මගේ සැමියා බැන්නා මම ඩයට් කරනවා කියලා. මට ඒ එක්ක ම කොන්දේ අමාරුව, වගේම ගෑස්ට්‍රයිටිස් තත්ත්වයක් ඇතිවුණා.