චරිත් අබේසිංහට ඇප - බන්ධනාගාරයෙන් පිටත්ව යයි

Report

අද (30) ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය දා නැවත බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ ඇප මත නිදහස් කර ඇත.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට ඇප නියම කළේය.

රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණි. එහෙත් සැකකාර චරිත් අබේසිංහ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් කර තිබේ.