ක්‍රිකට් බෝඩ් එකේ ඩොලර් මිලියන 70ට කෙළින්න හදන "බෝර්න් අගේන්" කල්ලිය මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 70කට අධික මුදලක් වංචා කිරීමට කණ්ඩායමක් සූදානම් වන බව “සිරසෙන් ක්‍රිකට් රැකගැනීමේ සංසදය” චෝදනා කරයි.
එම සංසදයේ කැඳවුම්කරු ප්‍රදීප් චාල්ස් මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ, “බෝර්න් අගේන්” ලෙස හඳුන්වන කණ්ඩායමක් මෙම මුදල් ඉලක්ක කරගෙන කටයුතු කරන බවයි. ඔහු සඳහන් කළේ, වත්මන් ක්‍රිකට් පරිපාලනය, විශේෂයෙන් සභාපති ෂම්මි සිල්වා මහතාට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යමින් ක්‍රිකට් ක්ෂේත්‍රය අස්ථාවර කිරීමට උත්සාහයක් පවතින බවය.
චාල්ස් මහතා වැඩිදුරටත් චෝදනා කළේ, ක්‍රිකට් නිල විකාශන අයිතිය සඳහා පැවති ලංසු කැඳවීමේදී පරාජයට පත්වූ මාධ්‍ය ආයතනයක් මේ තත්ත්වයට සම්බන්ධ විය හැකි බවට සැක පවතින බවයි. එහිදී ලංසුව ජයගත් ආයතනය ලෙස ඩයලොග් සමාගම නම් කරමින්, වැඩි මුදලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් එම අයිතිය හිමි වූ බව ඔහු පැහැදිලි කළේය.
තවද, ලංසු ක්‍රියාවලිය පිළිබඳ සැකයන් මතු කරමින්, එය පිළිබඳ සම්පූර්ණ තොරතුරු හෙළි කිරීමට තමන් සූදානම් බවත්, ප්‍රසිද්ධ විවාදයකටද කැඳවීමක් කළේය.
ශම්මි සිල්වාට ඉල්ලා අස්වෙන්නැයි ජනපති අනුර දැනුම් දෙයි - ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්වීමේ සූදානමක්
ෂම්මි සිල්වා මහතාට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව ද ඔහු ප්‍රතිචාර දක්වමින්, එවැනි චෝදනා සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අභියෝගයක් කළේය. එසේම, ක්‍රිකට් පරිපාලනය දේශපාලනීකරණය කරමින් බලහත්කාරයෙන් වෙනස් කිරීමට උත්සාහ කරන පාර්ශවයන්ට එරෙහිව නීතියෙන් ක්‍රියා කරන බවද ඔහු අවධාරණය කළේය.
මෙම සිදුවීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය වටා තවදුරටත් උණුසුම් වාද-විවාද ඇතිවී ඇති අතර, ඉදිරියේදී මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සහ පැහැදිලි කිරීම් බලාපොරොත්තු වේ.