තරු පන්තියේ හෝටලයේ උපන් දින සාදයේ සේවකයන්ට කොරෝනා
covid19
isolated
quarantine
chandimal
piumi
By Sewvandhi
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු පන්තියේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයකට සහභාගි වීම හේතුවෙන් අද අත්අඩංගුවට ගත් 7 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී.ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මෙම උපන්දින සාදය සංවිධානය කළ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, නිරූපන ශිල්පී පියුමි හංසමාලි ඇතුළුව මේ වනවිට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මුළු සංඛ්‍යාව 21 ක්.
මීට පෙර අත්අඩංගුවට ගත් චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනා මේ වනවිටත් සති දෙකක කාලසීමාවක් සඳහා නිරෝධායනයට යොමුකර තිබෙනවා.
මේ අතර, පියුමි හංසමාලි ඇතුළු පිරිසක් සහභාගි වූ චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවති තරු පන්තියේ හෝටලයේ සූපවේදියෙකු ඇතුළු සේවකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |