තවත් ප්‍රභල මන්ත්‍රීවරයෙකුට කොරෝනා..
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු ඊයේ (25) කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයෙනුයි මේබව තහවුරු වී ඇත්තේ.
පසුව මන්ත්‍රීවරයා වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකරවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර තිබේ.
මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ ය.
නමුත් එම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නොපැමිණීම හේතුවෙන් එය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.
යුගදනවි බලාගාර ඇමරිකාවට ලබා දීමට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත්තේ අග්‍රාමාත්‍යවරයා සමග කළ සාකච්චාවෙන් පසු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබා ගැනීමයි.
යුගදනවු බලාගාර ගිවිසුමට පක්‍ෂයක් ලෙස විරෝධය පල කරන බව එම පක්‍ෂය විසින් මෑතකදී දන්වනු ලැබීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |