මීලඟ ඝාතන ගොදුර ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම බවට ප්‍රකාශයක්..ඇගිල්ල දිගුකර රාජාංගනයේ හිමිගෙන් දැනුම්දීමක්.(VIDEO)
අද සහ ඊයේ දිනයේ මුළු රටම සලිත කළ බිහිසුණු ඝාතන කිහිපයක් සිදු වුණේ අපේ රටේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්.
එයට ආසන්නම හේතුව නම් අද දින උදෑසන ප්‍රබල පාලාත කල්ලි නායකයෙක් වූ ගනේමුල්ල සංජීව අධිකරණ සංකීර්ණය තුලදී මරා දැමීමයි.
ඒ මෙරට ආරක්ෂක අංශ පිරිවරාගෙන නඩු කටයුතු සිදු කරමින් පවතින මොහොතකයි.

බීච් යන්නෙ බලාගෙනයි..සැමිය බලාගෙන ඉද්දි බිරිඳට සිදුවූ බිහිසුණු සිදුවීමක්..මේ වගේ දෙයක් ඔයාටත් වෙන්න පුළුවන්.(PHOTOS)
මේ අතර තවත් බිහිසුණු ඝාතන 03ක් ඊයේ රාත්‍රී මිද්දෙනිය ප්‍රදේශයේදී සිදු වුණා.
මෙලෙස වෙඩි තබා ඝාතනය කළේ මීගස්සාර ප්‍රදේශයේ ජීවත් වන මිද්දෙනිය මැදමුලන ඇතුළු අවට ප්‍රදේශ වල ජනප්‍රිය කජ්ජා නමින් හදුන්වන පුද්ගලයාය.
තවද මෙම වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පුංචි දියණිය සහ පුතා ද මියගොස් ඇති බව වාර්තා වේ.
මෙම මියගිය පුද්ගලයා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පසුගිය කාලයේ සිදු කළ අයෙක් වීම ද විශේෂත්වයක්.

රාජපක්ෂ පවුලේ අලුගෝසුවා ලෙස චමුදිත සමඟ විශේෂ හෙළිදරව් කළ දකුණම හෙල්ලූ "කජ්ජා" වෙඩි ප්‍රහාරයකින් මරුට..දරු දෙදෙනාත් වෙඩි වැදී මිය යයි(VIDEO/PHOTOS)
එහිදී චමුදිත සමග පැවති වැඩ සටහනකදී ඔහුව හැදින්වුයේ රාජපක්ෂ පවුලේ අලුගෝසුවා ලෙසයි.
මෙවන් බිහිසුණු ඝාතන රැල්ලක් අතර තුර රාජාංගනයේ හාමුදුරුවන් විසින් විශේෂ වීඩියෝවක් මීට සුළු වෙලාවකට පෙර නිකුත් කර තිබේ.
එහිදී එම වීඩියෝව මගින් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැඩි ලෙස දෝෂාරෝපනයක් එම හිමියන් විසින් එල්ල කර තිබේ.
රාජාංගනයේ හිමියන් පවසන්නේ මීලග ඝාතන ගොදුර මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම බවයි.
උන්වහන්සේ විසින් නිකුත් කළ එම විශේෂ වීඩියෝව පහතින් නරඹන්න👇
