චමුදිතට ඉදිරි දින කිහිපයේ බුද්ධි අංශ විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ කුමන්ත්‍රණයක්..විදෙස් රටක සිට වීඩියෝවක් නිකුත් කරමින් දැනුම් දෙයි..ජාතික ජනබල වේගයත් ගෑවෙයි..

Report

මෙරට බුද්ධි අංශය විසින් ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට කුමණ හෝ ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් පවතින බව විදෙස් රටක සිට අජිත් ධර්ම­පාල නම් තැනැත්තෙක් විසින් ගෙන එන ශ්‍රී ලංකා පොලි­සිය දේශ­පා­ල­න­යෙන් මුදා­ගැ­නීමේ ජාත්‍ය­න්තර සංවි­ධා­නය (IODPP Police) යන යූටි­යුබ් නාළි­කාව හරහා වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

මෙම වීඩියෝව මගින් හෙළිකර ඇත්තේ, චමුදිත මීට පෙර බුද්ධි අංශයේ හිටපු නිලධාරියෙක් සමග සිදු කළ සාකච්ඡාවකදී එම බුද්ධිඅංශ නිලධාරියා විසින් හෙළි කළ ඇතැම් කාරණා මත පදනමව ශ්‍රී ලංකා බුද්ධි අංශය විසින් චමුදිතට සහ අදාල බුද්ධි නිලධාරියාට ප්‍රහාරයක් එල්ල කිරීමේ ප්‍රබල කුමන්ත්‍රණයක් පවතින බවයි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්....

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම ගැන අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්....


මෙම ප්‍රහාරය ඉදිරි දින කිහිපය තුළ දී ශ්‍රී ලංකා බුද්ධි අංශය විසින් සිදු කර එය ජාතික ජනබලවේගය මත පැටවීමේ ප්‍රබල සූදානමක් පවතින බවයි අජිත් ධර්ම­පාල නම් මෙම පුද්ගලයා අදාල යූටියුබ් නාලිකාව හරහා වීඩියෝවක් නිකුත් කරමින් පවසා ඇත්තේ.

එම නිසා රටේ විවිධ කාරණා ගැන ප්‍රබල හෙළිදරව් සිදු කරන මෙවැනි මාධ්‍යවේදීන්ට යම් අනතුරක් සිදු විය හැකිනම් එය සිදුවීමට පෙර ඊට අදාල ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නට මෙරට ආරක්ෂක අංශ වහා ක්‍රියාකළ යුතු යැයි ගගන අප මතක් කර දෙන්නෙමු.

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..


තවද මොහු විසින් සිදු කර මෙම ප්‍රකාශයන් වැරදිනම් වහාම ඒ ගැන සොයා බලා ඊට කඩිනම් පියවර ගැනීමටද කටයුතු කිරීම මෙරට ආරක්ෂක අංශ වල ප්‍රධාන වගකීමකි.