ගොඩක් දෙනෙක්ගෙ ආදරය මට තියෙනවා, අද මම ක්‍රිකට් ප්ලේ කලේ නැත්නම් බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක් වෙනවා අනිවාරෙන්.. (PHOTOS)
අපේ ලංකා මාතාවට එකවර ජයග්‍රහණ දෙකක් ලබා ගැනීම නිසා ශ්‍රී ලංකා නාමය ගැන මුලු ලෝකයම කතා බහ කරන්නට වුණා. ඉතින් නෙට්බෝල් කණ්ඩායමත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ජයග්‍රහණය කිරීමත් එක්ක ජයග්‍රහණයේ අසිරිය අපිත් සමස්ත ශ්‍රී ලාංකිකයන් විදියට වින්දා.
මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ අංක එකේ කතා බහට ලක්වෙලා තියෙන කෙනෙක් තමයි චාමික කරුණාරත්න කියන්නේ. ඉතින් චාමික කියන්නේ අපේ ක්‍රිකට් ලෝලීන් ආදරය කරන ඒ වගේම තරුණියන්ගේ සිහින කුමාරයා බවට අද වනවිට පත්වෙලා. ඉතින් සමාජ මාධ්‍ය හරහා චාමික කරුණාරත්නට ආදරය කරන ඒ රසික ජනතාවගේ ආදරය දැක ගන්න පුලුවන්
. කඩවසම් ඒ තරුණ ජවය දක්ෂ ක්‍රීඩකයෙක් වගේම ගායනයටත් දස්කම් දක්වන කෙනෙක්. ඉතින් ගොඩක් දෙනෙක්ගේ ක්‍රෂ් එක බවට පත්වෙලා ඉන්න චාමිකගේ අයියා බැඩ්මින්ටන් ශූරයෙක්. ඉතින් පවුල් පරිසරයෙන් ලැබුණ පන්නරයත් එක්ක තමයි අද මේ වනවිට මේ තැනට ඇවිත් තියෙන්නේ. ඉතින් කොළඹ රාජකීය විද්‍යාලයෙන් ඉගෙන ගත්ත චාමිකව හදුන්වන්නේ උනන්දුවා කියලා. ඉතින් චාමික සහභාගි වුණු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි. ”
ගෑණු ළමයින්ගේ ලොකු ආකර්ෂණයක් මට තියෙනවා. නමුත් මම හිතන්නෙ නෑ මට තමයි හැමෝම ආදරේ කරන්නෙ කියලා. ඉතින් කෙල්ලො කොල්ලෝ හැමෝම ආදරෙයි මට. අද මම ක්‍රිකටර් කෙනෙක් නොවුනනම් බැඩ්මින්ටන් ප්ලේ කරනවා. මගේ අයියත් බැඩ්මින්ටන් ප්ලේයර් කෙනෙක්.'”
ඉතින් මේ විදියට තමයි චාමික කරුණාරත්න අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහු ඇතුලු සමස්ත ක්‍රිකට් කණ්ඩායමට අපි ජයග්‍රහණය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.