චමරිට ICCයෙන් දඩයක්

Report

කාන්තා තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේදී දකුණු අප්‍රිකාවට එරෙහුව පැවතී තරඟයේදී ICC චර්යාධර්ම සංග්‍රහයේ 1 වන මට්ටම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තුට ඇගේ තරඟ ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කර තිබෙනවා.

ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.2 වගන්තිය වන ''ජාත්‍යන්තර තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ , ඇඳුම්, පැළඳුම් උපකරණ හා උපාංග අනිසි ලෙස භාවිතා කිරීම'' යන වගන්තිය අතපත්තු විසින් උල්ලංඝනය කර ඇති බව සඳහන්.

වෙසක් පොහොය නිමිත්තෙන් දළඳා මාලිගාවට විශාල පිරිසක්

වෙසක් පොහොය නිමිත්තෙන් දළඳා මාලිගාවට විශාල පිරිසක්

මේ හේතුවෙන් චමරි අතපත්තුගේ විනය වාර්තාවට ද එක අගෞරව ලකුණක් හිමිව තිබෙනවා.

මෙම සිදුවීම දකුණු අප්‍රිකානු ඉනිමේ 32 වන ඕවරයේදී සිදුව තිබෙනවා.

ඇනරි ඩර්කසන් විසින් එල්ල කරන ලද 4 පහරක් හේතුවෙන් අතපත්තු ඇගේ අව් කන්නාඩිය ගලවා බිමට දැමීමේදී එය කැබලි කිහිපයකට කැඩී ගොස් තිබෙනවා. 

තවත් අනතුරක්.... හිටපු මන්ත්‍රී පුතෙකු මරුට...

තවත් අනතුරක්.... හිටපු මන්ත්‍රී පුතෙකු මරුට...