සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට එයි..!
By Sewvandhi
ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි පිතිකාරිනියන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.
චමරි අතපත්තු මෙම ස්ථානය හිමිකරගෙන ඇත්තේ,ස්ථාන 6ක් ඉදිරියට පැමිණීමෙනි. නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී චමරි දැක්වූ සුපිරි දක්ෂතා සමග ඇයට මෙම ස්ථානය හිමිව ඇත.
නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී චමරි අතපත්තු පන්දු 83කට ලකුණු 108ක් රැස්කරගත්තේය.
එම එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගයේදීද විශිෂ්ට දක්ෂතා දැක්වූ චමරි පන්දු 80 කදී වේගවත් ලකුණු 140ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
එම ඉනිම දෙකේදීම නොදැවී පන්දුවට පහරදෙමින් චමරි මෙම දක්ෂතා දැක්වීම තවත් විශේෂත්වයකි.