හදිසියේ සුපිරි ක්‍රිකට් පිතිකාරිනී චාමරි අතපත්තු ඉල්ලා අස්වෙයි..

Sri Lanka Sports Chamari Athapaththu Sri Lanka woman cricket team
By Aruna Nov 28, 2021 05:27 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා සුපිරි පිතිකාරිනී චමරි අතපත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු මාර්ග වලින් දැනගන්නට තිබේ.

ඇය පෞද්ගලික හේතුවක් මත ශ්‍රී ලංකා පිලෙන් ඉවත් වීමට තීරණය කර ඇති අතර පසුව විදේශගත වීමට නියමිත බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වට්ස්ඇප් කණ්ඩායමට ඇය මේ බව නිල වශයෙන් දැනුම් දී දැනුම් දී තිබේ.

මේ අතර 2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අවාසනාවන්‍ත ලෙස අහිමි විය.

ඒ, ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ලෝක කුසලාන මූලික වටයේ තේරීම් තරගය අත්හැර දැමීම හේතුවෙනි.

එම තරගය සිම්බාබ්වේ හරාරේ හිදී පැවැත්වීමට නියමිතව තිබූ අතර, අප්‍රිකානු කලාපයේ මතුවී ඇති නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් එම තරගය අවලංගු කර තිබේ.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ඊයේ (27) දිනයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරග කිරීමට නියමිතව තිබූ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය කාර්යය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබුණි‍.

ඒ අනුව 2022 දී නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි නොවෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha